Monday, December 29, 2025
Follow Us
කොවිඩ් මර්ධන කමිටුව වහා රැස් කරන ලෙස වෛද්‍ය සංගමයකින් ඉල්ලීමක්

පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී විශාල කොවිඩ් රැල්ලක් රට තුළ ඇති වුවහොත් සෞඛ්‍ය සේවාවට එය කළමණාකරනය කර ගැනීම අපහසු විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ඖෂධ හිඟය, ඉන්ධන හිඟය, ඩෙංගු රෝග ව්‍යාප්තිය මෙන්ම වදුරු උණ අවදානම වැනි තත්ත්වයන් ඊට හේතු විය හැකි බවයි.

කොවිඩ් මර්ධන තාක්ෂණික කමිටුව හා මෙහෙයුම් කමිටුව වහා රැස් කර අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවද වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ කොවිඩ් මර්ධන පළමු වර්ධක මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා ගත යුතු මෙරට පුද්ගලයින් මිලියන 06ක් තවමත් එම එන්නත ලබා ගෙන නොමැති බවයි.

වර්ධක මාත්‍රාව මෙතෙක් ලබා නොගත් පුද්ගලයින් හැකි ඉක්මණින් එය ලබා ගැනීම වැදගත් බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. දැනට මෙරටට ගෙන්වා තිබෙන ෆයිසර් එන්නත් මාත්‍රා තවත් මාස 03ක පමණ කාලයක් භාවිතයට ගත හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

Neth