Monday, December 29, 2025
Follow Us
ව්‍යාපාරවලට QR ගන්න යාමේදී තවත් ප්‍රශ්ණයක්

වාහන රැසක් සහිත ව්‍යාපාර ස්ථානවලට ජාතික ඉන්ධන බලපත්‍රය හරහා QR ඛේතය ලබා ගැනීමේදී තවත් ගැටලුවක් මතුව තිබෙනවා. ව්‍යාපරික ස්ථානවල හිමිකරුවන් පැවසුවේ එක් ජංගම දුරකතනයකින්, එක් QR ඛේතයක් පමණක් ලබාගැනීමට ඉඩ සලසා ඇති බැවින් වාහන කිහිපයකට QR ඛේත ලබා ගැනීමේදී ගැටලුවක් පැනනගින බවයි.

ව්‍යාපාර සතු වාහන අදාළ ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකයේ අංකය ඇතුලත් කර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා QR ඛේතය ලබාගැනීමේ හැකියාව ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඊයේ පැවසුවේ. ඒ අනුව වාහන කිහිපයක් පැවතිය ද අදාළ ව්‍යාපාරවලට එහි සියලු වාහන ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ QR ඛේතය ලබා ගැනීමට ලියාපදිංචි කළ හැකියි.

එහෙත් ව්‍යාපාර හිමිකරුවන් පවසන්නේ එක් ජංගම දුරකථනයකට එක් QR ඛේතයක් පමණක් ලබාගත හැකි බැවින් ව්‍යාපාරය සතු සියලු වාහනවලට QR ඛේත ලබා ගැනීමට අදාළ වාහනයටම වෙන්වූ ජංගම දුරකථනයක් තිබිය යුතු බවයි.

උදාහරණයක් ලෙස ව්‍යාපාරය සතුව වාහන 20 ක් වේ නම් ඒ සඳහා ජංගම දුරකතන 20 ක් ලබාගත යුතු වනවා. මහා පරිමාණ ව්‍යාපාරවලදී එය තවත් පුළුල් වනු ඇති. එය අතිශය ප්‍රායෝගික දුෂ්කරතාවක් බව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ව්‍යාපාර හිමිකරුවන් පැවසුවා.

ව්‍යාපාරිකයින් නගන මෙම මැසිවිල්ල සම්බන්ධයෙන් නෙත් නිවුස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයෙන් විමසීමක් කළා. එහි අධ්‍යක්ෂ දසුන් හෑගොඩ සදහන් කළේ ආයතනවලට අදාල රථ වාහන සඳහා එම වාහනය පදවන රියදුරාගේ ජංගම දුරකතනයෙන් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාගත හැකි බවයි.

යම් රියදුරෙකුට ජංගම දුරකතනයක් නොමැති නම් එම ආයතනයේ වෙනත් පුද්ගලයකුට සිය ජංගම දුරකතනයෙන් QR ක්‍රමවේදය සඳහා ලියාපදිංචි විය හැකි බවයි ඔහු සඳහන් කළේ.

එහෙත් අදාළ වාහනය පදවන රියදුරාගේ ජංගම දුරකථනයට ඊට අදාළ ූඍ ඛේතය ලබාගැනීමට හැකි වුවද ඔහු සිය ජංගම දුරකතනයෙන් තම පෞද්ගලික වාහනයට QR ඛේතයක් ලබාගෙන තිබුණහොත් එම අවස්ථාවද ගිලිහී යනවා. ආයතනයේ සෙසු සේවකයින්ගේ ජංගම දුරකතනවලින් ද ආයතනික වාහනවලට ූඍ ඛේත ලබාගැනීමට යාමේදී ද මතුවන්නේ මෙම ගැටලුවමයි.

ඒ පිළිබඳව ද නෙත් නිවුස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයෙන් විමසීමක් කළා. එහි අධ්‍යක්ෂ දසුන් හෑගොඩ සදහන් කළේ එලෙස වාහනයට අදාළ QR ඛේතය ජංගම දුරකතනයෙන් ලබාගැනීමට යාමේදී ප්‍රායෝගික ගැටලුවක් මතුවිය හැකි බවයි. එවන් අවස්ථාවල කළ හැකි හොඳම විසදුම වන්නේ ආයතනයක පරිඝණකයකින් එක් එක් වාහනයට අදාළ QR ඛේතවල පිටපත් ලබාගෙන ඒවා වාහනය තුළ තබාගැනීම බව ඔහු සඳහන් කළා.

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය සඳහා මේ වන විට පුද්ගලයින් හතලිස් හතර ලක්ෂ 79,376 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. මෙම ක්‍රමය ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 826 ක්.

Neth