Monday, December 29, 2025
Follow Us
දෛනික ගෑස් බෙදා හැරීම එක් ලක්ෂ 50,000 දක්වා ඉහලට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂ 11 ක් මේ වනවිට වෙළදපොලට නිකුත් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක් ලක්‍ෂ 50,000 කට ආසන්න ප්‍රමාණයක් වෙළද පොලට නිකුත් කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත පැවසුවේ.

ලබන නොවැම්බර් මාසයේ සිට මෙරටට අවශ්‍ය ගෑස් ආනයනය කිරීම සදහා නව සැපයුම්කරුවෙකු සොයා ගැනීම සිය ඊළග ඉලක්කය බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සදහන් කළේ.

ඉකුත් සමයේ පැවති දිගු ගෑස් පෝලිම් මේ වන විට සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

Neth