Monday, December 29, 2025
Follow Us
බණ්ඩාරනායක පිළිරුව අසලදී අත්අඩංගුවට ගත් අරගලකරුවන් රිමාන්ඩ්

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් ඊයේ (26) ගෝල්ෆේස් පිටියේ බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අරගලකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව ඔවුන් ජුලි 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියම කළේ.

ගෝල්ෆේස් පිටියේ පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසල සිට මීටර් 50ක් දක්වා ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම තහනම් කරමින් පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිණි.

LNW