රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය අද සිට ආරම්භ වනවා. ඒ අනුව පස්වරුවේ පළමු පේලි පෙරහැර වීදි සංචාරය කරන බවයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් කුලසේකර නෙත් නිවුස් වෙත පැවසුවේ.
රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් මහා පෙරහැර වීදි සංචාරය කෙරෙන්නේ අගෝස්තු මස 11 වනදා රාත්‍රියේදීයි. පසුදින මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් මෙවර ඇසළ මහා මංගල්‍යය නිමාවට පත් වනවා.
මේ අතර දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහැර මංගල්‍යයේ කප්සිටුවිම අද සිදු කෙරෙනවා. අවසන් රන්දෝලි පෙරහැර ලබන 11 වැනි දින පැවැත්වෙන අතර වසර දෙකකට පසුව මෙවර පෙරහැර උත්කර්ශවත් අන්දමින් පැවැත්විමට කටයුතු යොදා ඇති බවයි දෙවිනුවර බස්නායක නිළමේ තිළිණ මධුෂංක පැවසුවේ.
Neth