අම්බලන්ගොඩ ප්‍රදේශයේ ස්ථාන දෙකකදී ඊයේ සහ පෙරේදා සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලීසිය කරුණු රැසක් අනාවරණ කර ගෙන තිබෙනවා. එම සිද්ධීන්වලට මීට මාස 09 කට පමණ පෙර සිදු වූ අපරාධයක් මුල්වී ඇති බවටයි වාර්තා වන්නේ.
මීට මාස 09 කට පමණ පෙර බෙනට් අජිත් නොහොත් මාලු අජිත් වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඔහුට වෙඩි තබා තිබුණේ වසන්ත සොයිසා නමැත්තෙක්. ඔහු යතුරු පැදියකින් යමින් සිටියදී අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී පෙරේදා වෙඩි තබා ඝාතනය කර තිබුණා.
එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ මාලු අජිත්ගේ සහෝදරයෙක් වන සුජිත් නමැත්තා බවයි පොලීසිය පැවසුවේ.
පසුව වසන්ත සොයිසාගේ පාර්ශවයෙන් ඔහුට සහ ඔහුගේ සහෝදරයෙකුට මෙන්ම තවත් පුද්ගලයෙකුටද අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේදී ඊයේ වෙඩි තබා තිබුණා. එම සිද්ධියෙන් සුජිත් නමැත්තා සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මේවනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී ඊයේ දහවල් සිදු වූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමන් රෝහිත නොහොත් පස් පොඩ්ඩා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් තිදෙනකු රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Neth