Tuesday, February 17, 2026
Follow Us
ගුවන් යානයක් තුළදී අත්අඩංගුවට ගත් ධානිෂ් අලී රිමාන්ඩ්

විදෙස්ගත වීම සඳහා සූදානමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් යානයක් තුළදී පෙරේදා (26) අත් අඩංගුවට ගත් ධානිෂ් අලී නම් අරගලරුවා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු ඊයේ (27) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුව අගෝස්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

කුරුණෑගල පදිංචි 31 හැවිරිදි අයෙකු වන ධානිෂ් අලී පසුගිය 13 වනදා ජාතික රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධාකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අයෙකු වන අතර ජුනි 09 වනදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇප මත මුදාහැර සිටි අයෙකු බව පොලිසිය පවසයි.

LNW