Tuesday, February 17, 2026
Follow Us
බ්ලැක් කැප්ස් ව්‍යාපාරය අරගල බිමින් ඉවත් වෙයි

අරගලය 4.0 නමින් අලුත් අරගලයක්


ගාලු මුවදොර අරගලයට සහාය දැක්වු ‘බ්ලැක් කැප්ස් ව්‍යාපාරය’  (28) එම අරගල භූමියෙන් ඉවත් විය.

ගාලු මුවදොර අරගලයේ සංඛේතීය ජයග්‍රහණය අත්පත් කරගෙන ඇති නිසා තවදුරටත් එම භූමිය තුළ රැඳීසිටිමින් සිදු කළ හැකි අරගලයක් නැතැයි තමන් විශ්වාස කරන බව ඔවුන් පවසයි.

මෙතැන් සිට අරගලය ඇත්තේ ගාලු මුවදොර කුඩා බිම්කඩක නොව පුළුල් සමාජ දේශපාලන අවකාශයක් තුළ බව තමන් විශ්වාස කරන බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අරගලය ගාලු මුවදොරින් ඔබ්බට ගෙනයාම සඳහා ‘අරගලය 4.0’ නමින් නවමු මුහුණුවරකින් ආරම්භ කරන බව ‘බ්ලැක් කැප්’ ව්‍යාපාරය වැඩිදුරටත් පවසයි.

Aruna