Monday, December 29, 2025
Follow Us
ත්‍රිරෝද රථ රියදුරන්ට සුභ ආරංචියක්

ත්‍රිරෝද රථ සදහා QR පද්ධතිය යටතේ ඉන්ධන ලබා දෙයි


ඉන්ධන නිකුත් කිරීම සඳහා ත්‍රිරෝද රථ පොලිස් ස්ථානවල ලියාපදිංචි කිරීම අද(27) ආරම්භ කෙරිණි.

ඒ අනුව ඔවුන්ට තෝරා ගත් ඉන්ධන පිරවුම්හලකින් ඉදිරියේදී ඉන්ධන ලබාදීම සිදුකෙරෙනු ඇත.

මේ අතර, අද දිනයේ අංක තහඩුවේ අවසන් අංකය 6, 7,8, සහ 9 සඳහන් රථ වාහන වලට ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරෙන අතර සෑම ඉන්ධනහලකම දිග පෝලිම් දක්නට ලැබේ.

මේ අතර, සෑම පාරිභෝගිකයෙකුටම සමානව ඉන්ධන බෙදාදීම පිලිබඳ වන ඉදිරි සැලැස්ම ලබන (05) වනදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බලශක්ති අමාත්‍යවරයාට නියෝග කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඊයේ සලකා බැලුණු අවස්ථාවේදීයි.

විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලුණි.

Aruna