Monday, December 29, 2025
Follow Us
ඉස්සරහට එන්නේ රනිල්ට අමාරු කාලයක් – අන්තරෙන් අනතුරු ඇඟවීමක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂ ජුන්ටාවේ කතාව ඉතාම නුදුරේදී අවසන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.

ඒ, (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැන්නීම සඳහා වඩාත් සංවිධානාත්මකව මැදිහත්වන බවයි මුදලිගේ කියාසිටියේ.

සිරගෙවල් ලොකු කරගන්නා ලෙසත්,තවත් වෙඩි උණ්ඩ,කඳුළු ගෑස් ගෙන්වා තබා ගන්නා ලෙස තමන් අවධාරණයෙන් පවසන බවද ඔහු පැවසුවේය.

මර්දනයට බිය නොවී අරගලය ජයග්‍රහණයේ දිශානතියට ගෙන යමු යන්න ජනතාවටද සිහිපත් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

LNW