ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන උත්සව සමයේ වගකීමකින් යුතුව කටයුතු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
වෙළඳපොළේ මේ වන විට පවතින ආනයනික කිරි පිටි හිඟය තවත් මාස කිහිපයක් පවතිනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා.
ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙට (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
President of the All-Island Economic Centre Collective Aruna Shantha Hettiarachchi said that it was not possible to meet the increasing demand for vegetables during the festive season and that it would result in further price hikes.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් අද පෙරවරු 08 සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනවා. එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍රමික අඩුවීමක් දක්නට ලැබෙනවා. ඉකුත් සතියේදී ද දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 700යේ සීමාව ඉක්මවා වාර්තාවුණා. කෙසේවෙතත් ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 551 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල ජෑන්ට්ස් කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.
රට තුළ පවතින ගෑස් හිගය හේතුවෙන් ආපනශාලා සහ බේකරි රැසක් වසා දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ ගෑස් සමාගම්වලට මෙම ගැටළුව පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ද ඊට මෙතෙක් විසඳුම් නොලැබුණු බවයි.
Page 301 of 732