Tuesday, July 08, 2025
Follow Us
කොවිඩ් අවදානම පහව ගොස් නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්


මෙම කාල සීමාවේදී දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ යම්කිසි අඩුවක් දැකගත හැකි වුවද කොවිඩ් වසංගත අවධානම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මුව ආවරණ පැළදීම / දුරස්ථභාවය පවත්වා ගැනීම / විශබීජ නාශක දියර භාවිතය වැනි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කිරීම වැදගත් වන බවයි.

අද පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

මේ අතර විදේශ ගතවීමට බලාපොරොත්තු වන මෙරට පුරවැසියන් සදහා ෆයිසර් එන්නත ලබාගැනීමේ කටයුතු දිවයින පුරා පිහිටි සියලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මගින් සිදුකරගැනීමට අවස්ථාව පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

(Aruna)