Wednesday, September 17, 2025
Follow Us
කොළඹ යාචකයන් වැඩිවෙයි

ඩොලර් හිඟය යාචකයන්ටත් බලපාලා


පවතින ආර්ථික අර්බුද හමුවේ කොළඹ නගරයේ මාර්ගවල සිඟමන් යදින යාචකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාසවලට සාපේක්ෂව ගතවූ මාස දෙක තුළදී වැඩිවී ඇත.

මෙම යාචකයන්ගෙන් බොහෝ පිරිසක් පිටස්තර ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති බව පෙලිසිය පැවසුවේය.

විශේෂයෙන්ම කොළඹ නගරයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර මොවුන් පවුල් වශයෙන් සිඟමනේ යෙදෙයි.

කොළඹ නගරයේ පමණක් මේ වනවිට තුන්සියයක් පමණ යාචකයන් සිඟමනේ යෙදෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේය.

බස්නාහිර පළාත තුළ පමණක් මේ වනවිට යාචකයන් හයසිය හැත්තෑ එක්දෙනකු (671) සිඟමනේ යෙදෙයි.

එසේම මසකට කොළඹ නගරයෙන් පමණක් යාචක පුද්ගලයන්ගේ මරණ 10ක පමණ වාර්තා වන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර පැවසුවාය.

මෙම මියයන පුද්ගලයන්ගෙන් සියයට අනූ නවයක (99%) ප්‍රමාණයක්ම කිසිදු ඥාතියකු නොමැති බව තහවුරු වෙයි.

(Aruna)