ලිට්‍රෝ සමාගම සතුව පවතින ගෑස් තොග අද දිනයෙන් අවසන් වනවා. ඒ අනුව මේවනවිට මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවේ ඇති ගෑස් තොග අද දිනය තුලදී නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් හෙට සිට යළිත් ගෑස් හිගයක් ඇති වන බවයි ලිට්‍රෝ සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.
සාමාන්‍යයෙන් මසකට අවම වශයෙන් කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 20 ක ප්‍රමාණයක් වෙළඳපලට නිකුත් කිරීම සිදුවනවා. එහෙත් මෙම මාසයේ මේ දක්වා කාලය තුළ වෙළඳපලට නිකුත් කර ඇත්තේ ලක්ෂ 04 ක ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.
මසක් තුළ මෙරටට පැමිණෙන ගෑස් නෞකා ප්‍රමාණය 10 ක්. සාමාන්‍යයෙන් දින 03 කට වරක් ගෑස් රැගත් නෞකාවක් මෙරටට ළගා වීම සිදුවනවා. ඒ හේතුවෙන් හිඟයකින් තොරව වෙළඳපලට ගෑස් නිකුත් කිරීමට හැකිව තිබූ බව ද ලිට්‍රෝ සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළා.
කෙසේවෙතත් පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් නියමිත පරිදි මේවනවිට දින 03 කට වරක් මෙරටට ගෑස් නෞකා පැමිණීම සිදුවන්නේ නැහැ. අවශ්‍ය පරිදි ඩොලර් හිමිවන්නේ නම් ගෑස් නෞකා ද නියමිත පරිදි මෙරටට ලගාවන බැවින් දැනට රට තුළ පවතින ගෑස් අර්බුදය විසඳෙනු ඇති බවයි ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා ඇතැම් ජනතාව අද අලුයම සිටම පෝළිම්වල සිටින ආකාරයත් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
(Neth)