Tuesday, July 08, 2025
Follow Us
වතුර බෝතලයත් ගණන් උස්සයි

ඉහළ ගිය ජල බොතලයේ නව මිල


ජල බෝතලයක මිල ඉහළ දැමීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ජල බෝතල්කරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

නිෂ්පාදන අමු ද්‍රව්‍ය හිඟය, ඉන්ධන මිල සහ හිස් බෝතල් හිඟවීම ඇතුළු හේතු මත මෙලෙස ජල බෝතලයක මිල ඉහළ දමා තිබේ.

ලීටර් එක හමාරේ බෝතලයක් රුපියල් 120 ක් දක්වා ඉහළ දමා ඇති අතර, ලීටර් 5 ක ජල බෝතලයක නව මිල රුපියල් 300ක් වන බව එම සංගමය පැවසුවේය.

(Aruna)