Tuesday, July 08, 2025
Follow Us
ආනයනික කිරිපිටි මිල යළි ඉහළට

කිරිපිටි ආනයනකරුවන්ගේ තීරණය


ආනයනික කිරිපිටි කිලෝවක මිල යළි ඉහළ දැමීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයනකරුවෝ පවසයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා වැඩි කිරීමටත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරීමට ආනයනකරුවෝ තීරණය කර ඇත.
කිරිපිටි ආනයනයකරුවන් පැවසුවේ පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍යවරයා වෙත පසුගිය 7 වැනිදා කළ දැනුම් දීමට අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 260කින් ඉහළ යනු ඇති බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ලෝක වෙළෙදපොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයක වටිනාකම රුපියල් 202 සිට රුපියල් 280 දක්වා වැඩිවීම ද හේතුවෙන් ආනයනය කිරිපිටි මිල වැඩිකිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් සදහන් කරයි.

(Aruna)