Thursday, April 09, 2026
Follow Us
ජල ටැංකියකින් මතුවූ මළ සිරුර

වැලිමඩ ප්‍රදේශයේ හෝටලයක සිදුවූ දේ


වැලිමඩ ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක තිබී පුද්ගල මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර ඊයේ සොයාගෙන ඇති අතර, එහි දී අනාවරණ වී ඇත්තේ, එම හෝටලයේම සේවය කරන පුද්ගලයෙකු මෙලෙස ජල ටැංකියට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම පුද්ගලයා දීර්ඝකාලීනව මීමැස්මොර රෝගයෙන් පෙළුනු අයෙකු බව සඳහන්.

(Aruna)