වත්මන් ආර්ථික අර්බුදයට එක් ප්‍රබල හේතුවක් වන්නේ ණය මත ගොඩනැගෙන, ප්‍රතිලාභ අවම මහා ව්‍යාපෘති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාත්‍යන්තරයෙන් ණය ලබාගෙන කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගීමෙන් අවසානයේදී ඉතිරි වන්නේ ණය බරක් පමණක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තැබීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාතේ ආණ්කාරවරයා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් විසින් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් බාර දී තිබෙනවා. ඒ ජනාධිපතිවරයා සමග කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
පැන්ඩෝරා පත්‍රිකා මඟින් චෝදනා එල්ල වී තිබෙන නිරූපමා රාජපක්ෂ සිය සහෝදරියක වුවත් ඥාතිකම සහ දේශපාලන යනු දෙකක් බවත් එම චෝදනා එල්ල වී ඇත්තේ 2005න් පසුව නොවන බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග තමන්ට ඇතිවූ ප්‍රශ්නය තවමත් සම්පූර්ණයෙන්ම විසඳී අවසන්ව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 12 වනදා ආරම්භ කිරීමටයි ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත්තේ.
කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මන්නාරම් ද්‍රෝණියේ බිම්කොටස් දෙකක් තෙල් ගවේෂණය සඳහා ඕමානයට ලබාදීමට රජය කටයුතු කරන්නේ කුමන පදනමකින්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ප්‍රශ්න කරයි.
The Government is attempting to sweep under the carpet, the incident where former parliamentarian Nirupama Rajapaksa and her husband Thirukumar Nadesan have been listed in the Pandora Papers,the Opposition yesterday alleged.
පවතින ආර්ථික අර්බුද හමුවේ මෙතෙක් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති මෙවර අයවැයෙන් වෙනසකට ලක් කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. අයවැය මඟින් බදු සංශෝධනයක් සිදු කරන්නේදැයි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි නෙත් නිවුස් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
ආන්දෝලනාත්මක කෙවරලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ කුඩා පක්ෂ අද (06) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩිකිරීම තවදුරටත් ප්‍රමාද කිරීම නිසා පක්ෂ විපක්ෂ සියලු වෘත්තීය සමිති එක්ව වැඩවර්ජනයකට යාම කළ යුතුව ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Claiming that the CID had failed to record a statement from the Consumer Affairs Authority (CAA) official who made allegations against him over garlic scam, Trade Minister Bandula Gunawardane today requested Speaker Mahinda Yapa Abeywardena to order the IGP and the CID to conduct an impartial investigation into his complaint.
ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම, එමඟින් ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ ආයෝජකයින් මෙරට ඛණිජ තෙල් ගවේෂණය සඳහා ආකර්ෂණය කර ගැනීම නව පනත මඟින් අපේක්ෂා කෙරෙනවා.
Page 242 of 553