Monday, July 07, 2025
Follow Us
මහින්ද දයාසිරිට පිං අතේ වැඩක් පවරයි

අගමැති දයාසිරිට සිවුරු හුය පිළිගන්වයි


රාජ්‍ය කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යයේ සිවුරු විවීම සදහා අවශ්‍ය වන නූල් හා පඬු පෙවීම සදහා අවශ්‍ය වන ඖෂධ මංජුසාව බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත භාරදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සුරතින් අගමැති නිළ නිවසේදී සිදුවිය.

ජනපතිතුමන්ගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ ආශිර්වාදයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ පඬුවස්නුවර රාජධානි පුර, ඵෙතිහාසික කොළඹගම රජමහා විහාරස්ථ පින්බිම කේන්ද්‍ර කරගනිමින් නොවැම්බර් මස 14වන දින මෙම කඨින මහෝත්සවය පැවැත්වීමට නියමිතයි

මෙම අවස්ථාව සඳහා බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්,ලංකා සළුසල ආයතනයේ සභාපතිතුමන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.


(Aruna)