Monday, October 26, 2026
Follow Us
බ්‍රසීලයේ ජනාධිපති ලෙස ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කරයි

බ්‍රසීලයේ ජනාධිපතිවරණයෙන් වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කර තිබේ.

රටේ මැතිවරණ බලධාරීන් ඊයේ (25) මේ බව නිවේදනය කර ඇති අතර, ඒ අනුව දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී දක්ෂිණාංශික සෙනෙට් සභික ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජයට පත් කරමින් ලූලා ද සිල්වා මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

කෙසේවෙතත් මෙම ජයග්‍රහණයත් සමඟ ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට තේරී පත් වීම බ්‍රසීල ඉතිහාසයේ වාර්තාගත විශේෂත්වයකි.