ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) සහ නෙදර්ලන්තයේ IHE Delft Institute for Water Education ආයතනයේ සහයෝගීතාවයෙන්, ජාතික ප්රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ විශේෂ නිර්දේශ මත ක්රියාත්මක වන ප්රජා ජල සංවිධාන ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ වැදගත් පියවරක් පසුගියදා සනිටුහන් කෙරිණි.
ඒ අනුව, කොළඹ දිස්ත්රික්කයේ හෝමාගම, මාගම්මන විශාඛා ප්රජා මූල සංවිධානය කේන්ද්ර කරගනිමින්, ජල බිල්පත් මාර්ගගතව (Online) නිකුත් කිරීම සහ ගෙවීම් සිදු කිරීමේ ක්රමවේදය නිල වශයෙන් ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
ජාතික ප්රජා ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්.එම්. ආනන්ද විජිත කුමාර මාපා මහතා, IHE Delft Institute for Water Education ආයතනය වෙනුවෙන් ව්යාපෘති සම්බන්ධීකාරක මහාචාර්ය අසේල පතිරණ මහතා, ජාතික ජල සම්පාදන හා ජලප්රවාහන මණ්ඩලයේ වත්කම් කළමනාකරණ අංශයේ අතිරේක සාමාන්යාධිකාරී ඉංජිනේරු මංජුල ප්රියංකර මහතා, ව්යාපෘති කණ්ඩායම් නායක ඉංජිනේරු අරුණ රන්දෙනිය මහතා ඇතුළු නිලධාරීන් සහ ප්රජා ජල ව්යාපෘති නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්වූහ.
CAM Transform (Consumer & Asset Management) පද්ධතිය හරහා පාරිභෝගික සේවා කළමනාකරණය, ප්රජා ජල සම්පාදන වත්කම් කළමනාකරණය සහ ඩිජිටල් අධීක්ෂණ ක්රියාවලිය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණයි.
මෙම ඩිජිටල් පරිවර්තනය තුළින් ප්රජා ජල සංවිධානවල පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමටත්, බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම් ක්රියාවලිය පහසු කිරීමටත්, පාරිභෝගික ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැලසීමටත් අපේක්ෂා කෙරේ.