Monday, July 07, 2025
Follow Us
ගව ඝාතණය තහනම් කිරීමට අදාල පණත් කෙටුම්පත් 05ක් ලගදීම පාර්ලිමේන්තුවට

දේශීය කෘෂිකර්මාන්තය සහ කිරි නිෂ්පාදනය ඉහල නැංවීමේ අරමුණින් මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අදාල පනත් කෙටුම්පත් 05ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 28වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව ගව ඝාතනය තහනම් කිරීමට අදාල පනත් සහ ආඥා පනත් සංශෝධනය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කෙරුණා.

272 අධිකාරය වන 1893 අංක 9 දරණ ගව ඝාතක ආඥාපනත, 1958 අංක 29 දරණ සත්ත්ව පනත, 525 අධිකාරය වන මහනගර සභා ආඥාපනත, 255 අධිකාරය වන නගර සභා ආඥාපනත සහ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත එළෙස ඉදිරිපත් කෙරුණු පනත් සහ ආඥා පනත් 05යි.

එම පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිදානයන්ට අනනුකූල නොවන බව නීතිපතිවරයා විසින් සහතික කර තිබෙනවා.

ඒ අනුවයි අදාල පනත් කෙටුම්පත් ගැසට් පත්‍රය පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

(Neth)