Monday, July 07, 2025
Follow Us
කන්නයක් දෙකක් කරලා බලමු. අසාර්ථක වුණොත් එදාට මාත් ගොවීන් එක්ක පාරට බහිනවා - රොෂාන්

කාබනික පොහොර යොදාගෙන කන්නයක් දෙකක් වගාකර බලන ලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගොවීන්ට යෝජනා කරන අතර යම් අසාර්ථකත්වයක් වුවහොත් එදිනට ගොවීන් සමග තමන් ද පාරට බසින බව පවසයි.

"කාබනික පොහොරවලට අපි පොස්පරස් අපේ රටේම තියෙන නිසා එකතු කරන්න පුළුවන්. නැවක්ම පොටෑසියම් ගෙන්වනු ලැබුවා. ඊට පස්සෙ නයිට්‍රිජන් දියරයක් විදියට ගේනවා. අපි කියන්නෙ අපි කන්නයක් දෙකක් කරලා බලමු. යම් අසාර්ථකත්වයක් තිබ්බොත් ගොවියා එක්ක එදාට මාත් පාරට බහිනවා"

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)