මැතිවරණය පැවැත්වෙන දින වකවානු
පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දින වකවානු පිළිබද මෙතෙක් නිෂ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
කෙසේවෙතත් මෙම වසරේ එම මැතිවරණය පැවැත්වීමට කිසිදු හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම ඉදිරි මාස කිහිපය සදහා මෙරට ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවෙන් ණය මුදලක් ගැනීමට අදාල යෝජනාවළියට පළාත් සභා මැතිවරණය හා සම්බන්ධ කිසිදු කොන්දේසියක් අඩංගු නොවන බව ද කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළා.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට වන කොන්දේසියක් ඉන්දියාව විසින් පනවා ඇත්දැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියා
(Aruna)