Monday, July 07, 2025
Follow Us
බන්ධනාගාරයේ සිටින රන්ජන්ගේ ඉල්ලීම

අධිකරණය අපහාස කිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ගතව සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ හැකිතාත් තමන්ට ලිපි එවන ලෙසයි.

එසේ එවන ලිපි සියල්ලම තමන් කියවන බවයි රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රිවරයා කරන්නේ.

එමෙන්ම හැකි හැම විටම සමාජ මාධ්‍ය තුළ තමන් ගැන සටහනක් තබන ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන ජනතාවගෙන් රන්ජන් රාමනායක ඉල්ලීමක් කරනවා.

හිටපු මන්ත්‍රිවරයා ජනතාව වෙත එවන් ඉල්ලීමක් කළ බව සඳහන් කරන්නේ ඔහුගේ සුව දුක් බැලීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම විසින්ය.

රන්ජන් රාමනායක වෙත ලිපි යැවිය හැකි ලිපිනය :

 

ලිපිනය : රංජන් රාමනායක
‍Y අංශය
ශ්‍රී ලංකා බන්ධනාගාරය
අගුණකොළපැලැස්ස.

(Neth)