Monday, July 07, 2025
Follow Us
කුමන හෝ අයුරින් ජනතා ගැටළු විසඳන්න හිටපු ජනාධිපති

ගොවි ජනතාවගේ පවතින ගැටලු කුමන හෝ අයුරින් විසදීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හෝමාගම, ගොඩගම ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ අභිනව රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර පොහොර ගැටලුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් දරණ මතය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අදහස් පළ කළා.

ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගතයුතු බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

(Neth)