Thursday, February 12, 2026
Follow Us
අලුත් මන්ත්‍රීවරු ගිනි අවි එපා කියයි

අලුත් දේශපාලන සංස්කෘතියක සුබවාදී ලකුණක්


පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිය ආරක්ෂාව සඳහා ලබාදෙන ගිනි අවිය (පිස්තෝලය) මෙතෙක් ලබාගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අසූවකට අධික අතර මන්ත්‍රීවරුන් හතළිහකට වැඩි පිරිසක් මෙලෙස ගිනි අවිය ලබාගෙන නැත. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද මේ අතර සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ පැරණි මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු එම ගිනි අවිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.

(Aruna)