Thursday, April 25, 2024
Follow Us
වෙළෙඳ ඇමැති රටට ම විවෘත අභියෝගයක් කරයි

හරියට බස්සන්න දන්න කෙනෙක්ට ඇමැති ළග රස්සාවක්


ලෝකයේ ඛනිජ තෙල් සහ ගෑස් මිල ගණන් ඉහළ යාමේදී ශ්‍රී ලංකාව තුළ එය පාලනය කිරීමට ක්‍රමවේදයක් දන්නා කෙනෙකු සිටී නම් තමා වෙත යොමු කරන ලෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (22) කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“කවුරුහරි කියනවා නම්, මෙන්න මේකයි ලෝකෙ ඛනිජ තෙල් වැඩි වෙන එක ,ලංකාව පාලනය කරන්නෙ මෙහෙමයි, ලෝකයේ ගෑස් මිල 130 %කින් වැඩි වෙලා තියෙනවා. ඒක අඩු කරන්නෙ මෙහෙමයි කියලා ක්‍රමවේදයක් කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් එයාට මාව හම්බුවෙන්න කියන්න”
මේ අතර ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ රට තුළ භාණ්ඩ හිඟයක් ඇති විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

(Aruna)