සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් සහ නියමයක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වැනිදා පැවති අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඒ සදහා එකඟතාව පළ වුණා.
ඒ අනුව තරුණ වරදකරුවන් පුහුණු පාසැල් සංශෝධන පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ 2021.07.02 දින අංක 2234/67 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක් විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතයි.
තරුණ වරදකරුවන් පුහුණු පාසැල් සංශෝධන පනත් කෙටුම්පත මඟින් කලින් ස්ථාපිත කර තිබූ අවුරුදු 18 ට අඩු වයස් සීමාව අවු. 18-22 ලෙස සංශෝධනය කිරීමට නියමිතයි. දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත මඟින් බාල වයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම් නියම කිරීමේ විධිවිධාන ස්ථාපිත කිරීමටයි නියමිතව ඇත්තේ.
(Neth)