Saturday, April 20, 2024
Follow Us
ඉතිහාසයේ පළමු වරට අයවැය විවාදයට සංඥා භාෂාවත් එක්වෙයි

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ඊයේ (21) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසනවා.

කථානායකවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ පිළිබඳව සලකා බැලුණු අතර ඒඅනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් විකාශය කිරීමට මෙහිදී අනුමැතිය හිමිවී තිබේ.

නොවැම්බර් මස 12 වැනි සිකුරාදා ප.ව 2.00 ට 2022 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ.

(Neth)