ඊයේ(05) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති 99 වන ජාත්යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බවයි.
ජෛව බුබුලු සංකල්පය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට සියලු සංචාරක ස්ථාන විවෘත කිරීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සහ ඉන් පිට පළාත්වල සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ත්රිවිධ හමුදා කඳුවුරු ආශ්රිතව අද සිට ආරම්භ කෙරෙනවා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට සතියේ ඕනෑම දිනක උදෑසන 08.30ත් සවස 04.30ත් අතර කාලයේදී පළමු එන්නත් මාත්රාව හෝ දෙවන එන්නත් මාත්රාව මෙහිදී ලබා ගත හැකියි.
පර්පෙචුවල් සමූහයේ හිමිකාර අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.ඒ. මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය හා බෙදාහැරීමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට මුදල් අමාත්යංශයේ නිර්දේශය මත සුරාබදු
දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ බලපත්රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.
මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත පළමුවෙන්ම ඇස්ට්රාසෙනෙකා එන්නතේ පළමු මාත්රාව ලබාගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්රාව ලෙස ලබාදීමට පියවරගන්නා බව රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
රූපවාහිණි, ජංගම දුරකථන, ශීතකරන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ ඇතුළු උපකරණ ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්ය බව මුදල් අමාත්යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසනවා.
වනෝද්යාන සෞඛ්ය ක්රමවේදයන්ට අනුව සංචාරකයින් සදහා විවෘත කිරීම පිළිබද මේ වනවිට සාකච්ඡා කෙරෙමින් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. සංස්කෘතික නැරඹුම් ස්ථානද සංචාරකයින් සදහා විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙමින් ඇති බවයි එම අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සදහන් කළේ.
The use of plastic and polythene cannot be completely eliminated, but it can be done by implementing certain programmes to reduce their use, such as 3R stands, Environment Ministry Secretary Dr. Anil Jasinghe said.
අද (05) උදෑසන 6.00 සිට ක්රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්රික්කයේ ප්රදේශයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා පවසයි.
ඔන් ලයින් ක්රමය ඔස්සේ ක්ෂණිකව රථ වාහන දඩ මුදල් ගෙවීම සදහා ඉදිරියේදී නව ක්රමවේදයක් හදුන්වා දෙන බව පොලීසිය පවසනවා. රියදුරු බලපත්ර සදහා යම් ලකුණු ප්රමාණයක් අන්තර් ගත කර රියදුරු විසින් සිදුකරන වැරදිවලට අනුව අදාළ ලකුණු අඩු වන ක්රමවේදයක් ඉදිරියේදී හදුන්වා දෙන බවයි පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්යක්ෂ, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ.
පොහොර සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ගොවි ජනතාවට ඇති නොවන බවත් කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ඇති බවත් අමාත්ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
වෙළඳපොලේ කොතැනකවත් දැනට රජය විසින් පනවා ඇති පාලන මිලට විකිණීම සඳහා සීනි නොමැති බවත් මේ සම්බන්ධයෙන් කොතෙක් අධිකරණමය ක්රියාමාර්ග ගත්ත ද ප්රතිඵලයක් අත්වී නොමැති බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
දිස්ත්රික්ක 03ක ප්රදේශ කිහිපයක් අද (06) උදෑසන 6 සිට ක්රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.
අධ්යාපන අමාත්යාංශය දන්වා සිටින්නේ 2021 උසස් පෙළ අයැදුම් පත් මාර්ග ගත ක්රමයට පමණක් භාර ගන්නා බවයි. ඒ අනුව පෞද්ගලික අයදුම්කරුවන් මෙන්ම පාසල් අයැදුම්කරුවන්ද මාර්ග ගත ක්රමයට අනුව අයැදුම්පත් යොමු කළ යුතුය.
අත්යාවශ්ය නොවන භාණ්ඩ වර්ගීකරණය යටතේ තවත් භාණ්ඩ විශාල ප්රමාණයක් මෙරටට ගෙන්වීම සීමා කිරීමට මුදල් අමාත්යාංශය සැලසුම් කරන බව වාර්තා වේ.
Along with the government's COVISHIELD vaccination programme, a significant number of teachers have been given the vaccine, the Education Minister, Prof. Peiris, said.
ජුලි මස 19 වෙනිදා දක්වා බලපැවත්වන පරිදි පළාත් අතර සංචරණ සීමා තහනම දීර්ඝ කිරිමට තීරණය කර ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂක ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබෙනවා.
සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්රාව ලබාගෙන තිබෙන කොළඹ දිස්ත්රික්කයේ ඕනෑම පුද්ගලයෙකුට එහි දෙවන මාත්රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්යස්ථානයෙන් ලබාගත හැකි බව එහි අධ්යක්ෂ, වෛද්ය ජී විජේසූරිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රෝහල් අධ්යක්ෂවරයා සදහන් කළේ කලින් වේලාවක් ලබාගෙන එම එන්නත්කරණ වැඩසටහන සදහා එක්විය හැකි බවයි.
Page 339 of 648