Saturday, October 31, 2026
Follow Us
න ‘තල්ඇටයා’ ඇත් පැටවාගේ ජීවිතය රැකගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් මෙහෙයුමක්
අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ‘තල්ඇටයා’ නමින් හඳුන්වන ඇත් පැටවා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන ගිය බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.

 

පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ගේ සහ මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ.
 
ඒ සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු වෙනත් ප්‍රදේශවලින් පැමිණි වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් ද එක්ව සිටිති.
අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ඇත් පැටවාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීමටත්, සත්ත්වයාට කිසිදු හානියක් නොවන පරිදි ආරක්ෂිතව උඩවලව වෙත රැගෙන යාමටත් වනජීවී නිලධාරීන් කටයුතු කරමින් සිටිති