Saturday, October 31, 2026
Follow Us
36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල දියගම දී ඇරඹෙයි 
36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල ඊයේ (30 වැනිදා) පස්ව‍රු 3.00 ට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 01 වැනිදා දක්වා පැවැත් වේ.

ජාතික තරුණ සේවා සභාව වාර්ෂිකව ක්‍රියාත්මක කරන ජාතික යෞවන ක්‍රීඩා උළෙල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් Youth Clubs හා සම්බන්ධ වී සිටින සාමාජිකයින් අතරින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටම දක්වා රැගෙන ඒමට ප්‍රවේශයකි.

සමාරම්භක අවස්ථාව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න, ජාතික යෞවන සමාජ සම්මේලනයේ ලේකම් මිථින ගිහාන් ප්‍රියසාද් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූහ.