උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air ගුවන් සමාගම, ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපළ (MRIA) අතර නියමිත සෘජු ගුවන් ගමන් ඊයේ (28) ආරම්භ කළේය.
මෙම නව ගුවන් සේවය ආරම්භ කිරීමත් සමඟ ශ්රී ලංකාව සහ මධ්යම ආසියාව අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, මෙරට සංචාරක කර්මාන්තයට ද නව අවස්ථා උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නව ගුවන් සේවය යටතේ මෙරටට පැමිණි උස්බෙකිස්තාන ජාතික සංචාරකයන් ඇතුළු විදේශීය මගීන් මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
2026–2027 සංචාරක වාරය වෙනුවෙන් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ගුවන් සේවය සතියකට දෙවරක්, එනම් බදාදා සහ සෙනසුරාදා දිනවල ක්රියාත්මක කිරීමට නියමිතය.
මෙම නව ගුවන් සම්බන්ධතාව හරහා උස්බෙකිස්තානයෙන් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්යාව ඉහළ නැංවීමටත්, දෙරට අතර සංචාරක, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Aitken Spence PLC සමාගමේ අනුබද්ධ ආයතනයක් වන Royal Spence Aviation සමාගම, ශ්රී ලංකාව තුළ Centrum Air ගුවන් සේවයේ ප්රධාන විකුණුම් නියෝජිතයා (GSA) සහ ගුවන් තොටුපළ අධීක්ෂණ නියෝජිතයා ලෙස කටයුතු කිරීමට පත් කර තිබේ.