Wednesday, March 11, 2026
Follow Us
සංචාරකයින් වෙනුවෙන් වනෝද්‍යාන විවෘත කිරීමට සාකච්ඡා

වනෝද්‍යාන සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව සංචාරකයින් සදහා විවෘත කිරීම පිළිබද මේ වනවිට සාකච්ඡා කෙරෙමින් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. සංස්කෘතික නැරඹුම් ස්ථානද සංචාරකයින් සදහා විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙමින් ඇති බවයි එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සදහන් කළේ.

මේ අතර සියළුම සංචාරක සේවා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු මෙම වසරේ ද නිදහස් කිරීමට කටයුතු කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වැඩි දුරටත් සදහන් කළා.

(Neth)