Wednesday, March 11, 2026
Follow Us
සියලු සංචාරක ස්ථාන විදෙස් සංචාරකයින්ට විවෘත කරයි

ජෛව බුබුලු සංකල්පය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට සියලු සංචාරක ස්ථාන විවෘත කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අදාළ තීරණයට එළැඹි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරයි.

සියලු සංචාරක සේවා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු නිදහස් කිරිමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙන අතර ඒ අනුව එම අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක සේවා සඳහා දෙසැම්බර් මස 31 දක්වා බලපත්‍ර අලුත් කිරිමේ ගාස්තු අය කිරීමක් සිදුනොවනු ඇත.

(Aruna)