Tuesday, May 14, 2024
Follow Us
සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ගත් කොළඹ ජනතාවට දැනුම් දීමක්

සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම පුද්ගලයෙකුට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව එහි අධ්‍යක්‍ෂ, වෛද්‍ය ජී විජේසූරිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කළේ කලින් වේලාවක් ලබාගෙන එම එන්නත්කරණ වැඩසටහන සදහා එක්විය හැකි බවයි.

එන්නත්කරණ වැඩසටහන දිනපතා පෙරවරු අටේ සිට පස්වරු 4 දක්වා එම රෝහලේදී ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)