Wednesday, March 11, 2026
Follow Us
ඔන්ලයින් ක්‍රමයට රථවාහන දඩ ගෙවීමේ ක්‍රමවේදය කඩිනමින් ගෙන එන්න සැලසුම්

ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ක්‍ෂණිකව රථ වාහන දඩ මුදල් ගෙවීම සදහා ඉදිරියේදී නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව පොලීසිය පවසනවා. රියදුරු බලපත්‍ර සදහා යම් ලකුණු ප්‍රමාණයක් අන්තර් ගත කර රියදුරු විසින් සිදුකරන වැරදිවලට අනුව අදාළ ලකුණු අඩු වන ක්‍රමවේදයක් ඉදිරියේදී හදුන්වා දෙන බවයි පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,226 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා. ඊයේ සිට ආරම්භ වූ රිය අනතුරු වැළැක්වීමේ සතිය වෙනුවෙන් බීමත් රියදුරන් සහ ධාවනයට නුසුදුසු වාහන පරීක්‍ෂා කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක බවයි පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)