Tuesday, May 14, 2024
Follow Us
තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

අද (05) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත හුදකලා කර ඇත.

මේ අතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා බවින් ඉවත් කර තිබේ.
එලෙස හුදකලා බවින් ඉවත් කළ ප්‍රදේශ වන්නේ,

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර පොලිස් වසමේ මහ වස්කඩුව දකුණ ග්‍රාම නිලධාරී වසම.

මඩකළපුව දිස්ත්‍රික්කයේ කලවන්චිකුඩු පොලිස් වසමේ පෙරියකල්ලාර් 2, පෙරියකල්ලාර් 3 සහ පෙරියකල්ලාර් 3 දකුණු යන ග්‍රාමනාලධාරී වසම්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ බෙරමන දකුණ ග්‍රාම නිලධාරී වසම.

huda

(Aruna)