Tuesday, May 14, 2024
Follow Us
ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ ගණනාවක්ම ආනයනය සීමාකිරීමේ සූදානමක්

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ගීකරණය යටතේ තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කරන බව වාර්තා වේ.

රට මුහුණ දී ඇති විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ජංගම දුරකථන, පරිගණක, ශීතකරණ ඇතුළු ගෘහ විදුලි උපකරණ, සුවඳ විලවුන් වර්ග, රූපලාවන්‍ය ආලේපන වර්ග ඇතුළු භාණ්ඩ ගණනාවක ලැයිස්තු මේ වනවිටත් සකස් කෙරෙමින් පවතින බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මීට අදාළ නීතිමය නියෝග අඩංගු ගැසට් පත්‍රයක් කවදා නිකුත් කෙරෙන්නේද, එම නියෝග කොතෙක් කල් බලපැවැත්වේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.

(LNW)