පිටපිට දෙවැනි දිනටත් මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 950 ඉක්මවා ගොස් තිබේ. ඊයේ (10) දිනය තුළ මෙරටින් හඳුනාගෙන තිබෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 963 කි.
ගම්පහ නගරයේ පොදු වෙළඳපොළ අශ්‍රිතව දින 03ක් තුළ කොවිඩ් ආසාදිතයන් 58 දෙනෙකු හමුවී තිබේ. මේ නිසා පවතින කොවිඩ් අවදානම් තත්වය ගැන සළකා ගම්පහ නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලු වෙළඳසැල් සහ ආයතන නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට පියවර ගෙන ඇත.
රජයේ රසයනාගාරවල පී.සී.ආර්. සාම්පල දස දහසක් ගොඩගැසී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ‘අරුණ’ට පැවසීය.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය සේවක පුරප්පාඩු පිරවීමට බලධාරීන් මෙතෙක් නිසි පියවරක් නොගැනීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් අමතර රාජකාරීවලින් ඉවත්වීමට පියවර ගත් බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.
Despite the record number of COVID-19 cases reported in the country yesterday, only seven Grama Niladhari Divisions across the country remain isolated, according to the National Operation Centre for Prevention of COVID-19.
බස්නාහිර පළාතේ අධි අවදානම් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් රුපියල් ලක්ෂ 1800 ක් වටිනා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේ ජාවාරමක් රේගු නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.
මෙරට දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණයට සාපේක්ෂව ආසාදිතයින් හඳුනාගැනීමේ ප්‍රතිශතය පළමු වතාවට 7.2 කරා පැමිණ ඇති බවත් ඊටත් වඩා ඉතාම ඉහළ අගයන් ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වන බැවින් එම ප්‍රදේශ දැනටමත් කොවිඩ් අධිවසංගත තත්වයක් කරා ගමන් කරමින් ඇතැයි යන්න ඔප්පු වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් කවුරි, එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉකුත් 31 වනදා සිට ඔහු එම නතතුරෙන් ඉවත් වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (8දා) ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය ඊයේ(08) මුදල් හා ප‍්‍රාග්ධන රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසු ලබන අඟහරුවාදා (15දා) තෙක් සතියකින් කල් දැමීමට තීරණය කළ බවයි.
උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය හේතුවෙන් පැනනැගී ඇති ගැටලුවට විසඳුමක් ලෙස විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය 540 කින් වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඇමැති ජී.ඇල්. පීරිස් පැවසීය.
බරපතළ අපරාධ සහ මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ අපරාධ විමර්ශන කටයුතු මාස 3 ක කාලයක් ඇතුළත අවසන් කළ යුතු බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.
මෙරට එක් පුද්ගලයකු රුපියල් 670,000ක් (හයලක්ෂ හැත්තෑදාහක්) ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එයිනුත් රුපියල් 290,000ක්( දෙලක්ෂ අනූදාහක්) විදේශයන්ට ගෙවිය යුතු ණය ලෙස සටහන් වී ඇත. 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යා ලේඛන වාර්තාවේ සඳහන් වේ.
Following social media reports stating that consumption of alcohol and smoking should be halted after individuals get themselves vaccinated for COVID-19, health officials yesterday said there was no truth to these reports however people were encouraged to avoid these habits for a few days after being inoculated.
ඊයේ(09) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් 19 ආසාදිත වී සුව වූ පුද්ගලයන්ටද කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව බෝ නොවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම පැවැසීය.
Page 467 of 744