Saturday, March 28, 2026
Follow Us
කුඩු බිස්නස් කළ හැත්තෑවේ සීයා පොලිස් අත්අඩංගුවට

මාලිගාවත්ත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍යය කිලෝ එකයි ග්‍රෑම් 225 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ,ඔහු හැත්තෑ හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු බවත් පොලීසිය සඳහන් කරයි.

කොළඹ මධ්‍යම දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු මෙම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් ය.

(Aruna)