Saturday, February 07, 2026
Follow Us
කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක්

කුකුළු මස් කිලෝවක් රුපියල් 600ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කුකුළු මස් අලෙවිකරුවන් සමග අද (10) පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කුකුළු මස් නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් එක්විය.

වෙළෙඳපොළේ දිනෙන් දින කුකුළු මස් මිල ඉහළයෑම හේතුවෙන් පිටකොටුව කුකුළු මස් ව්‍යාපාරිකයින් පසුගියදා එම වෙළෙඳාමෙන් ඉවත්වීමට ද පියවරගෙන තිබුණි.

(Aruna)