Sunday, July 06, 2025
Follow Us
මිය ගිය බවට වෛද්‍ය නිර්දේශ දුන් අයෙකුට මීගමුව රෝහලේදී පණ එයි

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ පුද්ගලයෙකු, මිය ගිය බවට වෛද්‍යවරයෙකු නිර්දේශ කර, මෘත ශරීරාගාරයට යැවීමට ද තීරණය කිරීමෙන් පසුව ඔහු මියගොස් නැතැයි අනාවරණ වූ පුවතක් මීගමුව මහ රෝහලෙන් වාර්තා වනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණේ මීගමුව මහ රෝහලේ මූලික ප්‍රතිකාර අංශයට ඇතුළත් කළ ඔහු එහි සිටි වෛද්‍යවරයා විසින් පළමුව පරීක්ෂා කර ඇති බවයි. එහිදී අදාල වෛද්‍යවරයා ඔහු මිය ගිය බවට එහිදී තහවුරු කර මෘත ශරීරාගාරයට යැවීමට ද නිර්දේශ ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව මිය ගිය බව කියූ පුද්ගලයාගේ අත පය චලනය වන ආකාරය දැක ඇති ඔහුගේ ඥාතීන් ඒ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව යළිත් අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා. මූලික පරීක්ෂණයකදී හෙලි වී ඇත්තේ මෙම පුද්ගලයාගේ රුධිරයේ සීනි මට්ටම අධික ලෙස අඩු වී තිබූ බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පාර්ශවයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)