Saturday, February 07, 2026
Follow Us
සිනමාශාලා කිහිපයක් වැසෙයි

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලු සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබේ.

උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වන ඒ. කේදීෂ්වරන් මහතා ප්‍රකාශ කරනු ලැබුවේ දිස්ත්‍රික්කයේ විවාහ උත්සව කටයුතු, පුද්ගලික පන්ති පැවැත්වීම ආදිය ද තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි.

මේ අතර මෙරට කොවිඩ් ආසදිතව මියගිය සමස්ත මරණ ගණන 596 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ (10) දිනයේ එක් පුද්ගලයකු කොවිඩ් ආසදිතව මියගොස් ඇත. ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙකු ද හඳුනාගෙන තිබේ.

(Aruna)