Saturday, May 18, 2024
Follow Us
2021 පළමු මාස තුනේ වාහන 10,661ක් අලුතින් ලියාපදිංචි කරලා

2021 පළමු තෙමසක කාලය තුළ අලුතින් ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව දසදහස් හයසිය හැට එකක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවැසීය. ජනවාරි මාසයේදී වාහන 3350ක්, පෙබරවාරි මාසයේ වාහන 3661ක් සහ මාර්තු මාසයේදී 3650ක් වශයෙන් නව වාහන ලියාපදිංචි කර ඇත. මෙම කාලය තුළ වැඩියෙන්ම ලියාපදිංචිකර ඇත්තේ යතුරුපැදි වන අතර එය 3525කි. එමෙන්ම ඉඩම් වාහන (ට්‍රැක්ටර්) 1756ක් මෝටර් රථ 1309ක්, ද්විත්ව කාර්ය වාහන 1534ක්, ත්‍රිරෝද රථ 42ක් ද ලියාපදිංචි වාහන අතර වේ.

එමෙන්ම ගතවූ තෙමසක කාලයේ වාහනවල අයිතිය පැවරීම් එක් ලක්ෂ අනූහය දහස් නවසිය තිස් හතක් සිදුකර ඇතැයි ද මෝටර රථ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ජනවාරි මාසයේදී 49629ක්, පෙබරවාරි මාසයේදී 63,523ක්, මාර්තු මාසයේ 83,785ක් වශයෙන් වාහන පැවරීම් සිදුව ඇත. ඒ අතරින් වැඩිම පැවරීම් සිදුකර ඇති වාහන කාණ්ඩය ත්‍රිරෝද රථ වන 54884කි. යතුරුපැදි 53978ක්ද මෝටර් රථ 44980ක සිදුකර ඇතැයි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

(Aruna)