Saturday, February 07, 2026
Follow Us
උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

උත්සව සමයේ මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස පිළිපදින ලෙස යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර එළඹෙන උත්සව සමය තුළ රට වසා තැබීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කිසිසේත්ම සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කෙසේවෙතත් අලුත් අවුරුදු සමය තුළ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කළයුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)