මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ පූර්ණ ආශීර්වාදය සමග කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීම සඳහා අද සිට ක්‍රියාත්,අක කර ඇති නව සටන් ව්‍යාපාරය අනුව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවට අයත් වරාය අධිකාරියේ සියලූම වෘත්තීය සමිති ඒකාබද්ධව අකුරට වැඩකිරීමේ සටන් ක්‍රියාමාර්ගය මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
කොවිඩ් මර්දන ප්‍රථම එන්නත කොළඹ අයි.ඩී.එච්. රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයකුට අද (29) දින පෙරවරු 8.30ට ලබා දෙන බවත් අයි.ඩී.එච්. රෝහලට අමතරව කොළඹ ජාතික රෝහල, නැගෙනහිර කොළඹ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම රෝහල) යන රෝහල් වලදී මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ විසිදහසක් පමණ එකවර විශ්‍රාම යෑමේ අවදානමක් මතුව ඇත. මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානීහු මේ බව පෙන්වා දී තිබේ.
Sri Lanka kicked off the coronavirus vaccination drive today with the first jabs given to three soldiers at the Army Hospital in Colombo.
ආයුර්වේද රෝහල්වලින් වාර්තා වන සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් විශේෂ සායන ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය උදාර අතපත්තු මහතා සඳහන් කරයි.
සමස්තයක් වශයෙන් පාසල් සිසුන් හැත්තෑ දෙනකුට පමණ මේ වන විට කොවිඩ් වයිරසය වැලඳී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට ඊයේ (27 වැනිදා) පැවසීය.
Sri Lanka Tourism Development Authority (SLTDA) Chairman Kimarli Fernando said Sri Lanka does not require a minimum number of days to stay in Sri Lanka within the ‘Bio Bubbles’ introduced by the Sri Lanka Tourism Promotion Bureau (SLTPB).
COVID-19 infected patients have to be confined to their homes for at least two days prior to be taken to hospitals and treatment centres due to the insufficient space at hospitals and treatment centres, sources said.
රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන් හෙළි කර සිටින්නේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල බවත් එයට අමතරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයට අමතරව ප්‍රාදේශීය කාර්යාල ද මෙලෙස පෞද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යමින් කුලිය වසහයෙන් කෝටි ගණනින් මුදල් ගෙවන බවයි.
වරාය වෘත්තීය සමිති අද මධ්‍යහ්න 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා. ඒ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට රජය මෙතෙක් ස්ථිර විසදුමක් ලබානොදීම හේතුවෙන්.
73වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.
COVID - 19 ව්‍යසනයෙන් පීඩාවට පත් සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සතුව ඇති අරමුදල් භාවිතා කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයට (SLBFE ) උපදෙස් දී තිබේ.
කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (28) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
ඉහළම ලකුණු ලබා ගත් සිසුන්ට අවස්ථාව දීම සඳහා විශ්වවිද්‍යාලවලට තවත් සිසුන් අටසියයක් පමණ වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
The total number of COVID-19 patients detected in the island exceeded 60,000 with the detection of 772 COVID-19-positive persons yesterday.
කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සිරුරුවල ප්‍රතිදේහ මට්ටම ඉහළ යෑම සලකා බලමින් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් මුදා හැරීමේ දින ගණන දින 14 සිට 10 දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත. මීට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කළ ආසාදිතයින් දින 14ක අනිවාර්ය නිරෝධායනයක් සඳහා යොමු කර තිබුණි.
පසුගියදා වලල්ලාවිට ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රේගුවේ වත්මන් තත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ රේගුවේ අක්‍රමිකතා වෙනස් කිරීම සඳහා පත්කළ විශ්‍රාමික ජෙනරාල්වරයා තමන්ට සැහීමකට පත්විය හැකි ආකාරයට කටයුතු කර නැති බවත් අවශ්‍ය නම් නිළධාරින් සියලු දෙනාම ඉවත් කර හෝ එම ආයතනය නිසි මගට ගැනීමට තමන් පසුබට නොවන බවත්ය.
පාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ලබන මස සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි සභාපති එන් කේ ජයවර්ධන කියාසිටියේ සිය නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල මෙලස ඉහල නැංවීමට තීරණය කළ බවයි.
බේකරි නිෂ්පාදන සදහා යොදාගන්නා ඔයිල්වලට පනවා ඇති බදු මුදල් අඩු කිරීමට රජය කටයුතු කළහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
(Neth)
Page 466 of 738