Sunday, July 06, 2025
Follow Us
රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව යළි 3000 ඉක්මවයි

මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව යළිත් ඊයේ (12) දිනයේදී 3000 සීමාව ඉක්මවා ගියේය. පසුගිය මාසය වනවිට මෙය 2500 සීමාවෙන් ද පහළට ගොස් තිබිණි.

මීට සති දෙකකට පමණ පෙර දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 150ක පමණ මට්ටමකට පැමිණි නමුත් මේ වනවිට යළිත් එහි වර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ.

ඊයේ දිනය තුළ මෙරටින් හඳුනා ගැණුනු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 263කි. ඔවුන්ගෙන් 203 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරෙන් 22 දෙනෙකුත් විදෙස් රටවල සිට පැමිණි 38 දෙනෙකුත් ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

(LNW)