Sunday, July 06, 2025
Follow Us
උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න පෙරවරුවේ සිට රටපුරා මෙහෙයුම්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද පෙරවරු 09 සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ, උත්සව සමයේ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමේ අරමුණීන්. ඒ අනුව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද පෙරවරු 9 සිට හෙට පෙරවරු 06 දක්වා ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

බීමත් රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිසිය සඳහන් කළා. කොට්ඨාස භාර නිලධාරීන් විසින් තම කොට්ඨාසයේ ප්‍රධාන මාර්ග සියල්ල ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පතිවරයා විසින් දන්වා තිබෙනවා.

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් කොට්ඨාස මට්ටමින් සකස් කර අප්‍රේල් මස 15 වනදා පෙරවරු 9 ට පෙර ලබාදිය යුතු බවයි පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ. රිය අනතුරක වින්දිතයෙකු නොවීමට ජනතාව වගබලාගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

(Neth)